The Birth of Popcorn-Smart Event and Promotion


Pop Corn- අපිනම් කන්නෙ එක්කො Film එකක් නැත්නම් Match එකක් බලද්දි කම්මැලි කමට වගේ. අපි කම්මැලි කමට කෑවට Pop corn කියන්නෙ සාමය සෞභාග්‍ය සහ සතුට කියල ගොඩක් කාලෙකට ඉස්සර මිනිස්සුන්ගෙ මතයක් උනා. හැබැයි ලන්කාවෙ නෙවෙයි ඇමරිකාවෙ.

ඇමරිකාවේ, නූතන මෙක්සිකෝවේ කුඩා ගම්මානයක් තමයි ඇස්ටෙක් කියන්නෙ, එහි ජනතාවගේ ප්‍රධාන ආහාරයක් වූනේ බඩ ඉරිඟුයි. දවසක් හැන්දෑවක, කෙල්ලෙක් අනෙකුත් බඩ ඉරිඟු කරල් වලට වඩා අසාමාන්‍ය ප්‍රභේදයක් සොයා ගත්තා, ඒක අනෙක් ඒවාට වඩා කුඩා වගේම තද ගතියක් තිබූන. ඉතින් ඇය මැටි බඳුනක ඒවා රත් කළ අතර, ඒවා සුදු පැහැති වලාකුළු වගේ හැලියෙන් එලියට පනින්න ගත්ත. කෙල්ලට මුකුත් හිතාගන්න බෑ. ඇස් පියාගෙන ඒවායින් එකක් රස බැලුවේ හිතේ බයත් එක්කම. කවදාවත් වින්දෙ නැති රහක් දැනෙනකොට මොකද්ද එයාට හිතෙන්න ඇත්තෙ ඒ දවස් වල ඉතින් ඒ කෙල්ලගේ සොයාගැනීම ඉක්මනින් නගරයේ පැතිර ගි‍යා වගේම ජනතාව එය නිවෙස් වලත් අත් හදා බැලුව.

ඔන්න කාලයත් එක්කම, එහි වැඩිහිටියන් විසින් මේ අලුත් සොයාගැනීම ඔවුන්ගේ අස්වැන්න මංගල්‍යයට ඇතුළත් කිරීමෙන් අලුත් උත්සව‍යක් විදියට එය සැමරීමට පටන් ගත්ත. බඩ ඉරිඟු වලින් එන අමුතු සුවඳ නිසා ගම්වැසියන් නටල සින්දු කියල විනෝද උනා. අර කෙල්ලගේ දක්ෂතාවය අලුත් සොයාගැනීම සමහර අය අගය කරා විතරක් නෙවේ ඇයට එම උත්සව වල විශේශ ඇරයුම් පවා ලැබුන. කාලයත් එක්කම මිනිස්සුන්ට ඇයව අමතක වෙලා ගියා. මිනිස්සුනෙ ඉතින්.

ඒත් දැන් ඔයාලට ඊලගට කන Pop corn එකේදි ඇයව මතක් වෙයි අනිවාර්‍යෙන්ම. ඇයගේ නම ” Xochitl ” සෝචියෙල්.

( Smart Event & Promotion )

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top